2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 18:45
නවතම පුවත්

ඔස්ට්‍රේලියාව පරද්දන්න ඩිල්ශාන්ගේ දුව ලිමන්සාගෙන් කැපිපෙන දක්ෂතා

මැලේසියාවේ පැවති වයස අවුරුදු19න් පහළ T20 ලෝක කුසලාන තරඟයකදී ඕස්ට්‍රේලියාව පරාජය කළ තරගයේ දී තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය වන ලිමන්සා තිලකරත්න තරගයේ ක්‍රීඩිකාව බවට පත්ව තිබේ.

ශ්‍රී ලංකාව ලකුණු 99කට සීමා කිරීමෙන් පසුව, ඕස්ට්‍රේලියානුවන්ට එම මුළු ලකුණු ගණන හඹා යෑමට නොහැකි වූයේ ඔවුන් ලකුණු 87කට පමණක් සීමා කරමින් එම තරගය ලකුණු 12කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීමත් සමගය.

ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා ගනිමින් පන්දුවට පහර දීමට තීරණය කළේ ඔවුන්ගේ තරඟාවලිය ජයග්‍රහණයකින් අවසන් කිරීමේ අරමුණිනි.

ආරම්භක පිතිකාරිනියන් වන සංජනා කාවින්දි සහ සුමුදු නිසංසලා ශක්තිමත් ආරම්භයක් ලබා දුන් අතර, පවර්ප්ලේ අවසන් වන විට ශ්‍රී ලංකාව ලකුණු 36-0ක ලකුණු පුවරුවක් සටහන් කර තිබිණි.

තරගයේ අඩක් අවසන් වන විට ශ්‍රී ලංකාවේ ලකුණු සටහන 56-2ක් ලෙස සටහන් විය.

එතැන් සිට ඕස්ට්‍රේලියාව පාලනය පවත්වා ගනිමින් ශ්‍රී ලංකාව ලකුණු 99කට සීමා කළේය.

බැසිංත්වයිට් කැපී පෙනෙන පන්දු යවන්නා වූ අතර කඩුලු තුනක් දවා ගත් අතර විලියම්සන් සහ හස්රත් ගිල් කඩුලු දෙකක් බැගින් ලබා ගත්තාය.

ඕස්ට්‍රේලියාව ඔවුන්ගේ ලකුණු හඹා යෑමේ දී මුල් කඩුලු තුනක් ඉක්මණින් අහිමි කර ගත්තේය.

කාඕයිම්හේ බ්‍රේ සහ එලිනෝර් ලාරෝසා ලකුණු 41ක සම්බන්ධතාවක් සමඟින් ඉනිම ස්ථාවර කළ නමුත් අවසානයේ ඕස්ට්‍රේලියාව ලකුණු 12කින් පරාජයට පත්විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් චමුදි ප්‍රබෝදා පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු13ට කඩුලු 2ක් ලබා ගත් අතර, ප්‍රමුදි මෙත්සරා සහ අසේනි තලගුණේ ද කඩුලු දෙකක් බැගින් දවා ගත්හ.

ලිමන්සා තිලකරත්න තරගයේ ක්‍රීඩිකාව ලෙස නම් කරන ලද්දේ පන්දු යැවීමේදී ලකුණු 18කට එක් කඩුල්ලක් සහ පිතිකරණයෙන වේගවත් ලකුණු 6ක් ලබා ගැනීම හේතුවෙනි.

1 වැනි කාණ්ඩයේ ඉන්දියාව අභිබවා පළමු ස්ථානය ලබා ගැනීමට නම් ඕස්ට්‍රේලියාවට සිතිය නොහැකි තරම් විශාල ජයග්‍රහණයක් අවශ්‍ය වනු ඇත

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories