ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩාකළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 654ක් රැස්කර සිය ඉනිම අත්හිටුවීය.
ඔස්ට්‍රේලියානු ඉනිම ඔසවා තබමින් ආරම්භක පිතිකරු උස්මාන් කවජා ලකුණු 232ක් රැස්කිරීමට සමත් විය.
ඊට අමතරව නායක ස්ටීවන් ස්මිත් ලකුණු 141ක් හා ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 102ක් රැස්කරමින් ඔස්ට්‍රේලියානු ඉනිම ශක්තිමත් කළේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවූ සියලුම පන්දු යවන්නෝ දැඩි පහරකෑමකට ලක් වූහ.
කෙසේ නමුත් ඉන් ප්‍රභාත් ජයසූරිය ලකුණු 193කට කඩුලු 3ක් හා ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 182කට කඩුලු 3ක් දවාගැනීමට සමත් විය.
අද තරගයේ දෙවන දිනයයි.