2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 10:29
නවතම පුවත්

ඔස්ට්‍රේලියානු පළමු ඉනිම ලකුණු 414යි

ආසියාව තුළ ඉහළම ලකුණු රැස්කළ ඔස්ට්‍රේලියානු ටෙස්ට් පිතිකරුවා බවට පත්වීමට ඔස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත්ට අද (8) හැකිවිය.

ඔහු මෙම කඩඉම පසුකර ගියේ ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය වූ අද ඔස්ට්‍රේලියානු පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 131ක් රැස්කරමිනි.

ස්මිත් පසුකර ගියේ ඔස්ට්‍රේලියානු හිටපු නායක රිකී පොන්ටින් රැස්කරගෙන සිටි ලකුණු 1889ක වාර්තාව වන අතර මේ වනවිට ස්මිත් 52.47ක ඉනිමක සාමාන්‍යයක් පවත්වාගනිමින් ආසියානු තණතීරු තුළ ලකුණු 1994ක් රැස්කර ඇත.

මේ අතර ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩාකළ ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 414ක් රැස්කිරීමට සමත් විය.

ඒ අනුව ඔවුන්ට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 157ක් ඉදිරියට යාමට හැකිවිය.

අද තරගය ආරම්භ කරන විට ඔවුන් කඩුලු 3ක් දැවී ලකුණු 330ක් රැස්කරගෙන ප්‍රබල තත්ත්වයක් සිටියත්, ඉතිරි කඩුලු 7 ලකුණු 84ක් තුළ දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකිවිය.

ඔස්ට්‍රේලියානු ඉනිම වෙනුවෙන් ඇලෙක්ස් කේරී ලකුණු 156ක් රැස්කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථකම පන්දු යැවීම සනිටුහන්කළ ප්‍රබාත් ජයසූරිය ලකුණු 151කට කඩුලු 05ක් දවාගත් අතර මෙය ඔහුගේ 11වන කඩුලු 5 අවස්ථාව විය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories