2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 15:23
නවතම පුවත්

ඔලිම්පික් පිටියට කොවිඩ් අවදානමක්

පැරිස් ඔලිම්පික් උලෙළේ බොහෝ දෙනෙක්ගේ වැඩි අවධානයක් දිනූ තවත් තරග ඉසව්වක් වූ පිරිමි මීටර 200 ඉසව්වේ අවසන් තරගය අද (09) අලුයම පැවැත්විණි.

එහිදී බොහෝ දෙනෙකු රන් පදක්කම හිමිකරගනු ඇතැයි බලාපොරොත්තු තබා සිටි, ඇමෙරිකාවේ නෝආ ලයිල්ස්ව අභිබවා යමින් රන් පදක්කම හිමිකර ගනු ලැබුවේ 21 හැවිරිදි බොට්ස්වානා ක්‍රීඩක ලෙට්සිලේ ටෙබෝගෝ විසිනි.

පිරිමි මීටර 200 ඉසව්ව සඳහා වත්මන් ලෝක මලල ක්‍රීඩා පිටියේ වේගවත්ම ධාවකයින් වන ඇමෙරිකාවේ නෝආ ලයිල්ස්, එරියන් නයිට්න්, කෙනත් බෙඩ්නරෙක්, බොට්ස්වානා හි ලෙට්සිලේ ටෙබෝගෝ ඇතුළු ක්‍රීඩකයින් 8 දෙනෙක් මේ සඳහා එක්ව සිටියේය.

ලෙට්සිලේ නව අප්‍රිකානු වාර්තාවක් ද පිහිටුවමින් ඉසව්ව නිම කළ අතර ඒ සඳහා ඔහුට ගතව ඇති කාලය තත්පර 19.46කි.

අප්‍රිකානු කලාපයේ ක්‍රීඩකයෙකු මීටර 200 ඔලිම්පික් රන් පදක්කම හිමි කරගත් පළමු අවස්ථාව මෙය බවත් සඳහන් ය.මෙම තරගයේ රිදී පදක්කම හිමිකර ගනු ලැබුවේ ඇමෙරිකාවේ කෙනත් බෙඩ්නරෙක් විසිනි.

කෙසේ නමුත් මෙහි බොහෝ දෙනා බලාපොරොත්තු දල්වා සිටි ලොව වේගවත්ම මිනිසා ලෙස පසුගිය දා කිරුළු පැළඳි ඇමෙරිකාවේ නෝආ ලයිල්ස්ට ලෝකඩ පදක්කමෙන් සෑහීමට පත්වීමටත් සිදුවිය. මේ අතර නෝආ ලයිල්ස් කොවිඩ් ආසාදිතයෙක් බව මීටර 200 ඉසව්වෙන් අනතුරුව ඇමෙරිකානු මලල ක්‍රීඩා සංගමය තහවුරු කර ගෙන තිබේ.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මීට දින දෙකකට පෙර ලයිල්ස්ට කොවිඩ් ආසාදනය වී ඇතැයි පරීක්ෂණ වලින් තහවුරු වූ නමුත් ලයිල්ස් මීටර 200 ඉසව්වට සහභාගී වීමට තීරණය කළ බවයි.

මීටර 200 ඉසව්වෙන් අනතුරුව නෝආ ලයිල්ස් රෝද පුටුවකින් රැගෙන යන අයුරු දැක්වෙන ඡායාරූපයක් ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

කෙසේ වෙතත් කොවිඩ් ආසාදිතව සිටිය දී ධාවනයේ යෙදීමෙන් අනෙක් ක්‍රීඩකයන්ව ද අවදානමකට ලක්කළ බවට නෝආ ලයිල්ස්ට පාර්ශව රැසක් චෝදනා එල්ල වී තිබේ

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories