2025 අගෝස්තු 15 සිකුරාදා, 04:55
නවතම පුවත්

ඔන්ලයින් පනත යටතේ පැනවූ පළමු දඬුවම – හිටපු රාජ්‍ය ඇමතිට මඩ ගහපු පාරිස්ට සිරදඬුවම්

හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් කාදර්මස්තාන් සම්බන්ධයෙන් මහජනතාව නොමග යවනසුළු හඬපට වට්ස්ඇප්, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ එන්. එම්. පාරිස් නමැති ව්‍යාපාරිකයාට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (26දා) මාස හයක සිරදඬුවම් නියම කළේය.

එම සිරදඬුවම ක්‍රියාත්මක කිරීම වසර පහක කාලයකට අත්හිටුවීමට ද නියෝග කළ ප්‍රධාන කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකරුට රුපියල් 5000ක දඩයක්ද නියම කළේය.

ඔහු විසින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැමිණිලිකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට අපහාස වන ආකාරයෙන් ප්‍රචාරය කර ඇති සියලුම ප්‍රකාශ වහාම ඉවත් කරන ලෙසටද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත්පාරිස්ට කළේය.

2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ 24 වන වගන්තිය යටතේ කාදර් කාදර් මස්තාන් විසින් කර තිබූ පැමිණිල්ලක් සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන එන්. එම්. පාරිස් නමැති එම ව්‍යාපාරිකයාට එරෙහිව මින්පෙර කොන්දේසි සහිත වාරණ නියෝගයක් නිකුත් කර තිබිණි.

කාදර් කාදර් මස්තාන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රි මහතා පෙනී සිටියේය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories