2025 අගෝස්තු 16 සෙනසුරාදා, 15:04
නවතම පුවත්

ඔන්ලයින් ක්‍රමයට දෛනිකව විදේශ ගමන් බලපත්‍ර 800ක්

ඔන්ලයින් ක්‍රමවේදය හරහා දිනයක් වෙන් කරගන්නා අය වෙනුවෙන් දෛනිකව විදේශ ගමන් බලපත්‍ර 800ක් නිකුත් කරන අතර ඕනෑම අයෙකුට හදිසි අවස්ථාවක් පවතින්නේ නම් ඒ ගැන දැනුවත් කර කඩිනමින් ලබා ගත හැකි අතර ඒ වෙනුවෙන් දිනකට විදේශ ගමන් බලපත්‍ර 650ක් ලබා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ මහතා කළා.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

ඉහත ප්‍රමාණයට අමතරව විදේශ දූත මණ්ඩල මගින් ඉල්ලා ඇති ආකාරයට දිනකට 500ක්, ආගමික වන්දනා සඳහා දිනකට 250ක්, ඔන්ලයින් ක්‍රමවේදය හරහා පෙර ආකාරයට ඉල්ලුම් කර ඇති පිරිසට දෛනිකව 250ක් ශාඛා කාර්යාල 4 හරහා දිනකට 200ක් සහ සාමාන්‍ය සේවා යටතේ දිනකට විදේශ ගමන් බලපත්‍ර 250ක් නිකුත් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව දෛනික විදේශ ගමන් බලපත්‍ර ලබා දීමේ සීමාව 2,500ක් වුවද එය 2,900ක් පමණ වන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩි දුරටත් කියා සිටියේ.

නවතම පුවත්

1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...

උණුසුම් පුවත්

1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories