ජනතාව සමග සම්මුතියක් ඇති එකම පක්ෂය ජාතික ජන බලවේගයේ යැයි එහි නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා රාජගිරියේදී පැවසීය.මෙවර ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීමෙන් පසු එම පක්ෂයේ ආධාරකරුවන් ඒ මහතා උණුසුම් අයුරින් පිළිගත්හ.එම උත්සවයේදී ඒ බව කී දිසානායක මහතා එහිදී මෙසේ කීය.
අපේ සම්මුතිය තිබෙන්නේ මේ රටේ ජනතාව සමග මේ දවස්වල තවත් ගිවිසුම් විශාල ප්‍රමාණයක් අත්සන් කරන බව දක්නට ලැබෙනවා. ඒවා ජනතාව සමග එළඹෙන ගිවිසුම් නෙවෙයි. ඒවායේ සඳහන් වන්නේ ඒ ඒ පක්ෂවලට ලැබෙන අපේක්ෂකයන් මන්ත්‍රීධූර ඇමැතිධූර සංඛ්‍යායි.මීට මාස කිහිපයකට පෙර විවිධ මතවාදවල සිටිය එකිනෙකාට අවලාද නැඟූ එරෙහි වූ කණ්ඩායම් දැන් එක වේදිකාවක නගිනවා. ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටි අයයි එය විනාශ කරනවා යැයි කීව අයයි එක වේදිකාවේ මහජනයාගේ දේපළ සොරකම් කළ අය මෙන්ම ඒවාට දඬුවම් දෙනවා යයි කියූ අයයි එක වේදිකාවට නගිනවා. ඒ අනුව මේ එහෙට මෙහෙට පනින ගෙඹි දේශපාලනය සැප්තැම්බර් 21 වෙනිදා අවසන් කරනවා.මේ තමයි මේ රටේ ජනතාව දිනන ඡන්දය.මේක තමයි මේ රටේ වෙනසක් කරන ඡන්දය මේ අය හොරාකාපු දේපල පවරා ගැනීමටත් ඒ අයට විරුද්ධව නීති ක්‍රියාමාර්ගයෙන් කටයුතු කිරීමටත් අනිවාර්යෙන්ම පියවර ගන්නා බවද දිසානායක මහතා කීය.