2025 අගෝස්තු 15 සිකුරාදා, 02:47
නවතම පුවත්

එවරස්ට් පාමුල සෙළවෙයි – ටිබෙටයේ 32ක් මියයයි

අද උදෑසන චීනයේ කඳුකර ටිබෙට් ප්‍රදේශයට බලපෑ ප්‍රභල භූ කම්පනයකින් අවම වශයෙන් පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් 38 දෙනෙකු තුවාල ලබා ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

ටිබෙටයේ ශුද්ධ වූ ෂිගාට්සේ නගරයට එරට වේලාවෙන් උදෑසන 09:00 ට පමණ බලපෑ භූමිකම්පාව මැග්නිටියුඩ් ඒකක 7.1 ක ප්‍රභලත්වයෙන් යුතු අතර එහි අපිකේන්ද්‍රය කිලෝමීටර් 10 ක් පමණ ගැඹුරින් වූ භූ පතුලේ පිහිටි බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ දත්ත මගින් පෙන්නුම් කෙරේ.

ප්‍රධන කම්පනයෙන් අනතුරුව අදාළ ප්‍රදේශය ආශ්‍රිතව පසු කම්පන මාලාවක් ද සිදුව ඇතැයි එම ආයතනය පවසයි.

අසල්වැසි නේපාලයට සහ ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලට ද කම්පන තත්ත්වට දැනී තිබේ.

ෂිගාට්සේ ටිබෙටයේ ශුද්ධ වූ නගරවලින් එකක් ලෙස සැළකේ.

එය ටිබෙට් බුද්ධාගමේ ප්‍රධාන චරිතයක් වන පංචෙන් ලාමාගේ සම්ප්‍රදායික ආසනය වන අතර ඔහුගේ අධ්‍යාත්මික අධිකාරිය දෙවැනි වන්නේ දලයි ලාමාට පමණි.

චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ භූමිකම්පාව රික්ටර් මාපකයේ 6.8 ට මදක් අඩුවෙන් සටහන්ව ඇති බව සහ පැහැදිලි කම්පන තත්ත්වයක් ඇති කළ බවයි.

භූ කම්පන‍යෙන් නිවාස 1,000 කට වැඩි ප්‍රමාණයකට හානි සිදුව ඇතැයි ද සඳහන් වේ.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන විඩියෝ සහ ඡායාරූප මගින් කම්පනයේ බලපෑමෙන් අර්ධ වශයෙන් කඩාවැටී ඇති ගොඩනැගිලි පෙන්නුම් කෙරේ.

එවරස්ට් කඳු පාමුල පිහිටා ඇති සහ උෂ්ණත්වය ඉතා අඩු ආපදා ප්‍රදේශයට ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා චීන ගුවන් හමුදාව යොදවා ඇතැයි වාර්තා වේ.

මේ වන විට එම කලාපයේ විදුලිය හා ජලය සැපයුම් විසන්ධි වී ඇති බව ද චීන රාජ්‍ය මාධ්‍ය පවසයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories