එක්සත් ජාතික පක්ෂයේ 78 වන සංවත්සරය සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පෙ.ව. 9:00ට පැවැත්වීමට සූදානම් කර තිබේ.
එජාප ආදි කර්තෘවරුන්ගේ පිළිරූවලට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව පක්ෂයේ ඉතිහාසය සිහිපත් කරමින් චාම් උත්සවයක් පැවැත්වෙන බව එම පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාව සංවිධානය කර ඇතැයි ද ඔහු කීය.