2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 06:25
නවතම පුවත්

එක දවසක්වත් උසාවි ආපු නැති රුවන්ට අවුරුදු 7ක සිරදඬුවමක්

එක් දිනක් හෝ අධිකරණය හමුවට නොපැමිණි ස්ත්‍රී දූෂණ නඩුවක, විත්තිකරු නොමැතිව නඩු විභාගය පවත්වා ඔහු වැරැදිකරු බවට තීන්දු කළ රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න, ඉකුත් 4 දා විත්තිකරුට සිරදඬුවම්, දඩ හා වන්දි මුදල් ගෙවීමට නියෝග කළාය.

එසේ දඬුවම් නියම වූයේ රණසිංහ ආරච්චිලාගේ රුවන් සම්පත් ඒකනායක නමැත්තකුට වේ.

2011 අප්‍රේල් 01දාත් ජූනි මස 16දාත් අතර කාලයේ දී බාලවයස්කාර දැරියක් නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම, අවස්ථා දෙකකදී ස්ත්‍රී දූෂණය සිදුකිරීම යන අධිචෝදනා 3ක් මත විත්තිකරුට රත්නපුර මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

නඩුව කැඳවන ලද දිනයේ සිට නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කළ දිනය තෙක්ම විත්තිකරු අධිකරණය හමුවේ පෙනීනොසිටියේය.නඩු විභාගය අවසන් කළ විනිසුරුවරිය ස්ත්‍රී දූෂණ චෝදනා දෙකෙන් විත්තිකරු නිදොස්කොට නිදහස් කළාය.

අනතුරුව බාලවයස්කාර දැරිය අපහරණය කිරීමේ 1 වන චෝදනාවට පමණක් ඔහුට දඬුවම් නියම කළාය.ඒ අනුව 1 වැනි චෝදනාවට වසර 7ක සිරදඬුවම්ද, රුපියල් 15000ක දඩයක්ද ඔහුට නියම විය.

විත්තිකරු දඩය නොගෙවන්නේ නම් ඔහු මාස තුනක සිරදඬුවමකට යටත් වේ.ඊට අමතරව නඩුවේ වින්දිත දැරියට රුපියල් ලක්ෂයක වන්දියක් විත්තිකරු ගෙවිය යුතු වේ.

වන්දි මුදල් නොගෙවන්නේ නම් විත්තිකරු මාස 6ක සිර දඬුවමකට යටත් වේ.දඬුවම් නියෝගය ප්‍රකාශ කළේ විනිසුරුවරිය විත්තිකරුට විවෘත වරෙන්තු නිකුත් කළාය.රජයේ අධිනීතිඥ සුපුන් රණසිංහ නඩුවේ පැමිණිල්ල මෙහෙයවීය.

(දිවයින)

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories