2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 07:11
නවතම පුවත්

එක්සත් රාජධානියේ සම්බාධකවලට රජයේ ප්‍රතිචාරය

වගවීම සහ සංහිඳියාව සඳහා වන දේශීය විධිවිධාන ශක්තිමත් කිරීමට රජය කාර්යබහුල වන අතර, දේශීය වගවීමේ යාන්ත්‍රණයක් හරහා අතීත මානව හිමිකම් උල්ලංඝනයන් නිවැරදි කරනු ඇති බව විදේශ අමාත්‍ය විජිත හේරත් පැවසීය.

බ්‍රිතාන්‍ය එක්සත් රාජධානිය හිටපු යුද නායකයින් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් හතර දෙනෙකුට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් රජයේ ඉදිරිදර්ශනය පිළිබඳව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් වෙත දැනුම් දෙමින් විදේශ අමාත්‍යවරයා මේ බව (26) ප්‍රකාශ කළේය.

අදාළ ප්‍රකාශයේ තවදුරටත් මෙසේ සඳහන් වේ,

“ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අපයෝජන සම්බන්ධ එක්සත් රාජධානි සම්බාධක” යන මැයෙන් 2025 මාර්තු 24 වැනි දින එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩල හා සංවර්ධන කාර්යාලය විසින් නිකුත් කරන ලද පුවත්පත් නිවේදනය කෙරෙහි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ. එම පුවත්පත් නිවේදනයේ සඳහන් වී ඇති ආකාරයට, එක්සත් රාජධානියේ රජය පුද්ගලයන් සිවු දෙනකුට සම්බාධක පනවා ඇති අතර ඉන් තිදෙනෙක් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවල හිටපු ප්‍රධානීහූ වෙති.”

“‘වගකිවයුත්තන් දඬුවම් නොලබා සිටීමෙන් වැළැක්වීම සහතික කරන්නේ යැයි මැතිවරණ ව්‍යාපාරය අතරතුර දෙනු ලැබූ පොරොන්දුවක්’ සම්බන්ධයෙන්ද එකී පුවත්පත් නිවේදනයේ සඳහනක් වෙයි.”

“අදාළ පුද්ගලයන් සතුව එරට ඇති වත්කම් අත්හිටුවීම සහ ඔවුන්ට එරටට ඇතුළුවීම තහනම් කිරීම ඇතුළත් මෙම සම්බාධක එක්සත් රාජධානියේ රජය විසින් ගන්නා ලද ඒකපාර්ශ්වික පියවරක් බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය අවධාරණය කරයි. රටවල් විසින් ගනු ලබන එවැනි ඒකපාර්ශ්වික පියවර ශ්‍රී ලංකාවේ දේශීය සංහිඳියා ක්‍රියාදාමයට කිසිදු සහයක් නොදක්වන අතර තත්ත්වය තවදුරටත් ව්‍යාකූල කිරීමට ඉවහල් වන බව නිරීක්ෂණය වේ.”

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories