ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අනුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙරට වරාය සහ ගුවන් සේවා ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට එකඟ වී ඇත.
අමාත්‍යාංශය විසින් ප්‍රකාශ කරන ලද පරිදි, ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති කාලිඩ් අල් අමෙරි සහ අමාත්‍ය බිමල් රත්නායක සමඟ පැවති විශේෂ හමුවකදී මෙය දැනුම් දෙන ලදී.
ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපතිවරයා ද ගුවන් පර්යන්ත ආයෝජනයට කැමැත්ත පළ කළේය.
මෙම මස මැද භාගයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිල සංචාරයක් සඳහා සහභාගී වීමට නියමිත බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
තානාපතිවරයා සහ අමාත්‍ය බිමල් රත්නායක අතර සාකච්ඡාවක් පැවති බව අමාත්‍යාංශය නිවේදනය කළේය.