එංගලන්ත ,ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග සංචාරයේ තුන්වන සහ අවසන් ටෙස්ට් දවස අද එනම් (6 වැනිදා) ඕවල් ක්‍රීඩාංගණයදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ, වීමට නියමිතයි තරගාවලියේ පළමු තරග දෙකෙහිම ජයග්‍රහණය සත්කාරකයන් හට හිමි වී තරගාවලි ජය ඔවුන් සතු වුවත්, ලෝක ටෙස්ට් ශූරතා ලකුණු පුවරුවේ ඉහළ ස්ථානයක රැඳී සිටීම සඳහා මෙම තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට අතිශයින්ම වැදගත් වේ. එමෙන්ම මෙම තරගාවලියේ අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රදර්ශනය කළ දක්ෂතා වැඩි දියුණු කර ගනිමින් වසර 10ක දීර්ඝ ඉඩෝරයකින් පසු එංගලන්තය ටෙස්ට් තරගයකින් පරාජය කිරීමට හිමිවන දුර්ලභ අවස්ථාවක්ද වේ