ඌව පළාතට අවශ්‍යතාවක්ව තිබූ නව අපරාධ කොට්ඨාසයක් ඊයේ (09) විවෘත කරන ලදි.
වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදුවිය.
පරණ පොලීසිය, මහියංගනය පාර,බදුල්ල දරණ ස්ථානයේ මෙම ඒකකය පිහිටුවා ඇති අතර ඌව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණයෙන් මෙය ක්‍රියාත්මක වීමට නියමිතයි. පළාතේ සිදුවන අපරාධ අවම කර ගැනීම මෙම ඒකකය පිහිටුවීමෙන් අපේක්ෂා කෙරෙයි.