2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 06:17
නවතම පුවත්

ඌරු මළ කුණු මුතුරාජවෙල රක්ෂිතයට දැමූ අය සොයයි

මේ දිනවල වසංගත රෝගයකින් දෛනිකව මියයන සිය ගණනකට අධික ඌරන්ගේ ශරීර කොටස් මුතුරාජවෙල රක්ෂිතය අවට වලට බැහැර කළ පුද්ගලයන් සොයා පොලිස් ස්ථාන කිහිපයක් විමර්ශනයක් ආරම්භ කර ඇත.

ජාඇල, වත්තල, කදාන, සීදුව යන වෛද්‍ය නිලධාරි කොට්ඨාසයන් තුළ මේ වන විට සූකර ගොවිපොළ ආශ්‍රිත සතුන් හට කිසියම් වසංගත රෝගයකින් පෙලී මියයමින් සිටින බවත් පැතිරී ඇති රෝගි තත්ත්වයෙන් මිය යන සතුන් හා සතුන්ගේ ශරීර කොටස් හොර රහසේ ඇළ දොළ ඇතුළු ප්‍රදේශය පුරා විවිධ තැන්වලට බැහැර කර ඇති බවත් ජනතාව පවසති.

මියගිය ඌරන්ගේ ශරීර කොටස් බැහැර කිරීම නිසා ප්‍රදේශය පුරා අධික දුර්ගන්ධයක් පැතිරෙමින් දැඩි පාරිසරක හානියක් සිදුවමින් පවතින බවද ප්‍රදේශවාසීහු පවසති.

වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එම්.ඒ.එම්. හිජාස් පවසන්නේ අදාළ ප්‍රදේශයන් සහ විශේෂයෙන් මුතුරාජවෙල රක්ෂිතය අවට මේ දිනවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දැඩි පරික්ෂාවට ලක් කරගෙන යන බවය.

මේ පිළිබඳ ජාඇල, කඳාන, පමුනුගම යන පොලිස් ස්ථානවල පරිසර ආරක්ෂා කිරීමේ අංශ විසින් අවධානය යොමු කර තිබේ. පරිසරයට හානිවන අන්දමින් සිදු කරන මෙවන් කටයුතුවල නියැළී සිටින්නන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට නීත්‍යනුකුල පියවර ගන්නා බව එම අංශ සඳහන් කරති

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories