2025 ජූනි 21 සෙනසුරාදා, 15:51
නවතම පුවත්

ඌරු උණ තිබුණට පෝර්ක් කන්න පුළුවන් !

අප්‍රිකානු සූකර උණ සාර්ථකව පාලනය කිරීමෙන් පසු ප්‍රවේශම් සහගතව ඌරු මස් අලෙවිය නැවත ආරම්භ කරමින් සිටින බව බස්නාහිර පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පළාත් අධ්‍යක්ෂ වෛද්‍ය ජී ඒ ඩී නන්දසිරි පවසා තිබේ.

සූකර උණ වසංගතය මැඩපැවැත්වීම සඳහා අප්‍රිකානු සූකර උණ ආසාදනය වූ ඌරන් ප්‍රවාහනය කිරීම, ඝාතනය කිරීම සහ විකිණීම තහනම් කරමින් ඔක්තෝබර් මස අගදී රජය ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

වෛද්‍ය නන්දසිරි පවසන්නේ අප්‍රිකානු සූකර උණ මගින් මිනිසුන්ට කිසිදු අවදානමක් නොමැති අතර හොඳින් පිසින ලද ඌරු මස් පරිභෝජනය සඳහා ආරක්ෂිත බවයි.

මූලික පියවරක් ලෙස දැනට තිබෙන ඌරු මස් තොග පරීක්ෂා කර ඒවා අලෙවි කිරීමට ඉඩ ලබා දෙන බව ද ඔහු පැවසීය.ගව ඝාතකාගාර පරීක්ෂා කිරීමට ද මෙරට සත්ව සෞඛ්‍ය කළමනාකරණ නිලධාරීන් කටයුතු කරමින් සිටින්නේ එහි සිටින ඌරන් රෝගයෙන් තොර බවට තහවුරු කර ගැනීම සඳහා බව ද වෛද්‍ය ජී ඒ ඩී නන්දසිරි පවසයි.

“අපි අප්‍රිකානු සූකර උණ රෝගයට ගොදුරු නොවූ අභිජනන ගොවිපළ හඳුනාගෙන ඒවා අධීක්ෂණය කරනවා. මෙම ගොවිපළවලින් ඌරු පැටවුන් වෙනත් අයට බෙදා හැරීම ළඟදීම ආරම්භ කරනවා. මම විශ්වාස කරනවා මාස දෙකකින් පමණ අපට කර්මාන්තය පුනර්ජීවනය කළ හැකියි,”යනුවෙන් ඔහු පවසයි.

අප්‍රිකානු සූකර උණ මිනිසාගේ සෞඛ්‍යයට තර්ජනයක් නොවන බවත් එවැනි විදේශීය රෝග මෙරටට ඇතුළුවීම වැළැක්වීමට රජය පියවර ගෙන ඇති බවත් වෛද්‍ය නන්දසිරි මහජනතාවට සහතික වෙයි

නවතම පුවත්

Web image new template new (1)-Recovered-Recovered-Recovered
අලුත්ම ශ්‍රීලංකන් ගුවන් යානය සිය මංගල ගමන ඇරඹයි !
කොළඹ, ශ්‍රී ලංකාව...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
සිඟමන් යදිමින් සිටි බාල වයස්කාර දරුවන් 21ක් පොලිස් භාරයට!
කොළඹ, ශ්‍රී ලංකාව...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ශිරන්ති රාජපක්ෂගේ 'සිරිලිය සවිය' ගිණුම ගැන පාර්ලිමේන්තුවේදී අනාවරණයක්!
රාජපක්ෂ පවුලේ සාමාජිකයන්...
Web image new template new (1)-Recovered-Recovered
අල්ලස් කොමිසම ජයවර්ධනපුර වෛද්‍යවරියගේ වින්දිතයින් සොයයි
අල්ලස් කොමිසම මගින්...

උණුසුම් පුවත්

Web image new template new (1)-Recovered-Recovered-Recovered
අලුත්ම ශ්‍රීලංකන් ගුවන් යානය සිය මංගල ගමන ඇරඹයි !
කොළඹ, ශ්‍රී ලංකාව...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
සිඟමන් යදිමින් සිටි බාල වයස්කාර දරුවන් 21ක් පොලිස් භාරයට!
කොළඹ, ශ්‍රී ලංකාව...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ශිරන්ති රාජපක්ෂගේ 'සිරිලිය සවිය' ගිණුම ගැන පාර්ලිමේන්තුවේදී අනාවරණයක්!
රාජපක්ෂ පවුලේ සාමාජිකයන්...
web 02
මහනුවර ඇසළ පෙරහැරට අලි ඇතුන්ගේ සැලකිය යුතු අඩුවක්
මහනුවර ඇසළ පෙරහැරට...

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...
web 06
බළංගොඩ NPP සභාපති පුටුවෙන් ඉවතට!
බළංගොඩ NPP සභාපති...

Categories