2026 මාර්තු 18 බදාදා, 05:21
නවතම පුවත්

ඌරු උණ තිබුණට පෝර්ක් කන්න පුළුවන් !

අප්‍රිකානු සූකර උණ සාර්ථකව පාලනය කිරීමෙන් පසු ප්‍රවේශම් සහගතව ඌරු මස් අලෙවිය නැවත ආරම්භ කරමින් සිටින බව බස්නාහිර පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පළාත් අධ්‍යක්ෂ වෛද්‍ය ජී ඒ ඩී නන්දසිරි පවසා තිබේ.

සූකර උණ වසංගතය මැඩපැවැත්වීම සඳහා අප්‍රිකානු සූකර උණ ආසාදනය වූ ඌරන් ප්‍රවාහනය කිරීම, ඝාතනය කිරීම සහ විකිණීම තහනම් කරමින් ඔක්තෝබර් මස අගදී රජය ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

වෛද්‍ය නන්දසිරි පවසන්නේ අප්‍රිකානු සූකර උණ මගින් මිනිසුන්ට කිසිදු අවදානමක් නොමැති අතර හොඳින් පිසින ලද ඌරු මස් පරිභෝජනය සඳහා ආරක්ෂිත බවයි.

මූලික පියවරක් ලෙස දැනට තිබෙන ඌරු මස් තොග පරීක්ෂා කර ඒවා අලෙවි කිරීමට ඉඩ ලබා දෙන බව ද ඔහු පැවසීය.ගව ඝාතකාගාර පරීක්ෂා කිරීමට ද මෙරට සත්ව සෞඛ්‍ය කළමනාකරණ නිලධාරීන් කටයුතු කරමින් සිටින්නේ එහි සිටින ඌරන් රෝගයෙන් තොර බවට තහවුරු කර ගැනීම සඳහා බව ද වෛද්‍ය ජී ඒ ඩී නන්දසිරි පවසයි.

“අපි අප්‍රිකානු සූකර උණ රෝගයට ගොදුරු නොවූ අභිජනන ගොවිපළ හඳුනාගෙන ඒවා අධීක්ෂණය කරනවා. මෙම ගොවිපළවලින් ඌරු පැටවුන් වෙනත් අයට බෙදා හැරීම ළඟදීම ආරම්භ කරනවා. මම විශ්වාස කරනවා මාස දෙකකින් පමණ අපට කර්මාන්තය පුනර්ජීවනය කළ හැකියි,”යනුවෙන් ඔහු පවසයි.

අප්‍රිකානු සූකර උණ මිනිසාගේ සෞඛ්‍යයට තර්ජනයක් නොවන බවත් එවැනි විදේශීය රෝග මෙරටට ඇතුළුවීම වැළැක්වීමට රජය පියවර ගෙන ඇති බවත් වෛද්‍ය නන්දසිරි මහජනතාවට සහතික වෙයි

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories