2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 08:44
නවතම පුවත්

උසාවියට අපහාස කළැයි භූ විද්‍යා අධ්‍යක්ෂට එරෙහි පැමිණිල්ලක්

මාදම්පේ ප්‍රදේශයේ පිහිටි විශාල භූමි ප්‍රමාණයක සිදුකරන සිලිකා වැලි කැණීම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය ජූලි 15 වන දා ලබා දුන් නියෝගයට පටහැනිව කටයුතු කර ඇති පතල් කැණීම් හා භූ විද්‍යා කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනු කළේය.

එකී සිලිකා වැලි කැණීම්වලට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයට හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේදී එකී තත්ත්වය පවත්නා තත්ත්වයෙන් පවත්වාගෙන යෑමට පියවර ගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් කර තිබියදීත් පතල් කැණීම් හා භූ විද්‍යා කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව වැලි ප්‍රවාහන බලපත්‍ර කිහිපයක් නිකුත් කර ඇති බව පරිසර යුක්ති කේන්ද්‍රය එමගින් පෙන්වා දී තිබිණි.

එම පැමිණිල්ල ඊයේ ( 11) එස්. තුරෙයිරාජා හා ශිරාන් ගුණරත්න යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවිණි.

වගඋත්තරකාර පාර්ශ්වයට එකී පැමිණිල්ලට අදාළ නොතීසි මේ දක්වා ලැබී නොමැති බවත් නොතීසි ලැබුණු පසුව අදාළ තොරතුරු ලබා ගෙන කරුණු දැක්වීමට දින ලබා දෙන ලෙසත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඡායා ශ්‍රී නම්මුණි විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියාය.

ඒ අනුව, වගඋත්තරකාර පාර්ශ්වවලට නොතීසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසට පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළ විනිසුරු මඩුල්ල පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ගොනුකර ඇති චෝදනා සලකා බැලීම සඳහා ලබන ජනවාරි 20 වන දා එම නඩුව යළි කැඳවීමට නියෝග කළේ ය.

මාදම්පේ ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් නවයක සිලිකා වැලි කැණීම් 40ක් පවතින බව ත් අක්කර 200ක පමණ භූමි ප්‍රමාණයක් පුරා විහිදී ඇති එකී නීති විරෝධී වැලි කැණීම් නිසා විශාල පාරිසරික හානියක් සිදුවන බව ත් පෙන්වා දෙමින් පරිසර යුක්ති කේන්ද්‍රය මින් පෙර ශ්‍රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබූ අතර එකී නීති විරෝධී ක්‍රියාදාමයන් වළක්වන නියෝගයක් මධ්‍යම පරිසර අධිකාරිය භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය ඇතුළු බලධාරීන්ට නිකුත් කරනා ලෙසත් එමඟින් ඉල්ලා තිබිණි.

ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටියේය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories