2026 මාර්තු 25 බදාදා, 07:14
නවතම පුවත්

උසස් පෙළ විභාගය සැලසුම් කළ ලෙසම 25වනදා සිට

2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගය සැලසුම්කළ ලෙස නොවැම්බර් මස 25වනදා ආරම්භ කරන බව නිවේදනයක් නිකුත්කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මෙම විභාගය කල්දමන ලෙස විවිධ පාර්ශ්ව ඉල්ලීම් ඉදිරිපත් කළත්, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ඉකුත් මාර්තු මස ගත් තීරණයට අනුව උසස් පෙළ විභාගයේ පූර්ව සූදානම් කටයුතු සියල්ල මේ වන විටත් අවසන් කර ඇති බව එම නිවේදනයේ දැක්වේ.

මෙම විභාගය පැවැත්වෙන දින වකවානු අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය ඇතුළුව සෙසු විභාග රැසක් සඳහා දින තීරණය කර ඇති බවත්, උසස්පෙළ විභාගය කල් දැමීමට කටයුතු කළහොත් එමගින් ඉදිරි විභාග වැඩසටහනද සම්පූර්ණ වශයෙන්ම අක්‍රමවත් වනු ඇති බවද එහි වැඩිදුරටත් සඳහන්.

එම නිවේදනය පහතින්

2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගය 2024.11.25 දින සිට 2024.12.20 දින දක්වා පැවැත්වීමට මේ වන විට දින නියම කර ඇත.

මෙම විභාගය කල් දමන ලෙස විවිධ පාර්ශ්වයන් වෙතින් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතින අතර එම ඉල්ලීම් පිළිබඳව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.

2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගය 2024.11.25 දින සිට 2024.12.20 දින දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2024.03.01 දිනැතිව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මගින් ප්‍රසිද්ධ කර තිබූ අතර විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන, සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සහ විභාග මධ්‍යස්ථාන පිහිටුවීම ඇතුළු විභාගයේ පූර්ව සූදානම් කටයුතු සියල්ල මේ වන විට අවසන් කර ඇත.

තවද, මෙම විභාගය පැවැත්වෙන දින වකවානු අනුව, ඉදිරියේදී පැවැත්වීමට නියමිත 2024 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය ද ඇතුළුව සෙසු විභාග රැසක් සඳහා දින තීරණය කර ඇති අතර මෙම විභාගය කල් දැමීමට කටයුතු කළහොත් එමගින් ඉදිරි විභාග වැඩසටහන ද නැවත වරක් සම්පූර්ණ වශයෙන්ම අක්‍රමවත් වනු ඇත.

ඉහත ප්‍රායෝගික තත්ත්වයන් මත, 2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ සියළුම පූර්ව සූදානම් කටයුතු අවසන් කර ඇති මෙම අවස්ථාවේ දී එම විභාගය කල් දැමීමේ හැකියාවක් නොමැති බව දැනුම් දෙමු.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories