අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය – 2023 (2024) නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ එනම් (03) දින නිකුත් කෙරුණා.
ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැක.
මෙම විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් විමසීමක් අවශ්‍ය නම් 1911 යන ක්ෂණික දුරකථන අංකයට හෝ 0112 784 208, 0112 784 537 හෝ 0112 785 922 යන දුරකථන අංක ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළහ.