2025 අගෝස්තු 15 සිකුරාදා, 21:30
නවතම පුවත්

උදය ගම්මන්පිලගෙන් ආණ්ඩුවට තවත් අභියෝගයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක හෝ අමාත්‍ය විජිත හේරත් පාස්කු දින ප්‍රහාරය සම්බන්ධ වාර්තා දෙක ප්‍රසිද්ධ කරන බවට ප්‍රතිඥා දෙන තෙක් තමා සතු වාර්තා ආණ්ඩුවට භාර නොදෙන බව පිවිතුරු හෙළ උරුමය නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, අද (ඔක්. 16) විශේෂ මාධ්‍ය හමුවකදී ය.

මෙම වාර්තා දෙක ජනතාව දැනගැනීම වැළැක්වීමට ආණ්ඩුව උත්සහ දරන බව ත් එය ජනතාවගේ ඇත්ත දැනගැනීමේ අයිතිය උදුරා ගැනීමක් බව ත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.

ඔහු සඳහන් කළේ, ජනාධිපතිවරු දෙදෙනෙකු බලයට පත්වීමට පාස්කු දින ප්‍රහාරය භාවිත කළ බව ත් විශේෂයෙන් වර්තමාන ජනාධිපති විශාල ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත්තේ පාස්කු ප්‍රහාරයේ සත්‍ය සොයා ජනතාව දැනුවත් කිරීමට පොරොන්දු වූ නිසා බව ත් ය.

තව ද, තමාට මෙම වාර්තා ලැබුණ ආකාරය පිළිබඳව වහා ම සොයා බැලිය යුතු බවට අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළ බව ත් ඇත්ත වශයෙන් ම තමාට මෙම වාර්තා ලැබුණ ආකාරය නොව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මෙවැනි සංවේදී වාර්තා පිටවූ ආකාරය සොයා බැලිය යුතු බව ත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කළේ ය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට මුළුමනින් ප්‍රසිද්ධ නොකොට තම භාරයේ තබා ගෙන සිටින එස්.අයි. ඉමාම් සහ ඒ.එන්.ජේ. ද අල්විස් වාර්තා දෙක දින තුනක් ඇතුළත ආණ්ඩුවට භාර දෙන ලෙස උදය ගම්මන්පිලට අවධාරණය කරන්නේ යැයි මහජන ආරක්ෂක ඇමති, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් ඊයේ (ඔක්. 15) පැවසීය.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම අදහස් පළ කළේ, අදාළ වාර්තා දෙක දින 7ක් තුළ ප්‍රසිද්ධියට පත් නොකරන්නේ නම් තමා එම වාර්තා ප්‍රසිද්ධියට පත් කරන බවට පිවිතුරු හෙළ උරුමය නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ආණ්ඩුවට කළ අනතුරු ඇඟවීම ගැන මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමිනි.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories