2026 මාර්තු 18 බදාදා, 19:06
නවතම පුවත්

උතුරු මුහුදේ ඉන්දීය ධීවර ගැටලුව ඉවරයිලු – ආණ්ඩුව සාකච්ඡා අතහැර දමයි

උතුරු මුහුදේ ඉන්දීය ධීවරයන් විසින් නීතිවිරෝධී යාන්ත්‍රික බොටම් ට්‍රෝල් මගින් මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් පවතින ගැටලුව පිළිබඳ ඉදිරි ඉන්දු – ලංකා සාකච්ඡා නවතා දැමීමට ධීවර අමාත්‍යාංශය තීරණය කර ඇත.

“දෙරටේ ධීවර කණ්ඩායම් අතර මින් ඉදිරියට කිසිම සාකච්ඡාවක් නැහැ. ඒවා බොහෝ කලකට පෙර අවසන් වුණා. තාක්ෂණික සහාය සම්බන්ධයෙන් අදාළ ආයතන අතර නිල මට්ටමින් සාකච්ඡා මේ වන විට පැවැත්වෙමින් තිබෙනවා.’’ ධීවර, ජලජ සහ සාගර සම්පත් ඇමැති ආර්. චන්ද්‍රසේකර් පසුගිය සිකුරාදා යාපනයේදී වාර්තාකරුවන්ට පැවසීය.

ඇමැතිවරයාගේ ප්‍රතිචාරය වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මෑත කාලීන නවදිල්ලි සංචාරයේදී ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වන ඉන්දීය ධීවරයන් නීතිවිරෝධී ලෙස බොටම් ට්‍රෝලර් කිරීම පිළිබඳ අවධානය යොමු කිරීමෙන් අනතුරුවය.

නායකයන් දෙපළ අතර පැවති ඉහළ පෙළේ සාකච්ඡාවලින් අනතුරුව නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ සඳහන් වූයේ, “මානුෂීය ආකාරයෙන්” මේවාට තවදුරටත් විසඳුම් ලබාදීමේ අවශ්‍යතාව පිළිබඳ නායකයන් එකඟ වූ බවයි.

කිසිදු ආක්‍රමණශීලී හැසිරීමක් හෝ ප්‍රචණ්ඩත්වයක් වළක්වා ගැනීමට පියවර ගැනීමේ අවශ්‍යතාව ඔවුහු අවධාරණය කළහ.

සිය සංචාරයේදී ජනාධිපති දිසානායක ‘දෙරටෙහිම තහනම් ක්‍රියාවක් වන බොටම් ට්‍රෝලින් නිසා ඇති වූ යථා තත්ත්වයට පත් කළ නොහැකි පාරිසරික හානිය’ අවධාරණය කළ අතර, නීති විරෝධී, වාර්තා නොකළ සහ නියාමනය නොකළ (IUU) ධීවර ක්‍රම නැවැත්වීමට පියවර ගන්නා ලෙස ඉන්දීය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

2017 වසරේදී ධීවර හා ජලජ සම්පත් පනතට හඳුන්වා දුන් සංශෝධනයක් මගින් නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි තහනම් කරන ලද ධීවර ක්‍රියාවලියක් ලෙස එය නම් කරන ලදී.

2014 දී එකඟ වූ පරිදි ඉන්දීය ධීවරයන් බොටම් ට්‍රෝලිං ක්‍රමවල නිරත වීම නැවැත්වීමට අපොහොසත් වීමත්, විකල්ප ධීවර ක්‍රම වෙත මාරු වීමට වසර දෙකක සහන කාලයක් ලබා දීමත් නිසා මීට පෙර පැවති ධීවර මට්ටමේ සාකච්ඡා කිහිපයක් අවිනිශ්චිත ලෙස අවසන් වූ බව උතුරේ ධීවරයෝ ද නැවත නැවතත් අවධාරණය කළහ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories