බලන සහ කඩුගන්නාව අතර දුම්රිය මාර්ගයට අද (ජූනි 16) උදෑසන විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
මෙම අවහිරතාවය හේතුවෙන් අද අලුයම 5.55ට කොළඹ කොටුවෙන් බදුල්ල බලා ගමන් ආරම්භ කළ ‘පොඩි මැණිකේ’ දුම්රිය දැනට බලන දුම්රිය ස්ථානයේ නවතා තිබේ. කඩා වැටුණු ගස ඉවත් කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
කෙසේ වෙතත්, බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රියන් නියමිත වේලාවට බදුල්ල දුම්රිය ස්ථානයෙන් පිටත්වන බව දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් පැවසීය.