2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 08:13
නවතම පුවත්

ඊශ්‍රායල පිරිසට විශේෂ පොලිස් ආරක්ෂාව – චබාද් මධ්‍යස්ථාන වටා දැඩි විමසිල්ලක්!

මෙරට රැඳී සිටින ඊශ්‍රායල ජාතිකයින්ගේ ආගමික කටයුතු, විවේක කටයුතු මෙන්ම ආහාර පාන ලබා ගැනීම සඳහා ස්ථාපිත කර ඇති චබාද් මධ්‍යස්ථානවලට පොලිස් ආරක්ෂාව තර කර ඇති බව ශ්‍රී ලංකා පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කරයි. පොලීසිය සඳහන් කරන්නේ, මෙම පියවර ගෙන ඇත්තේ, මෙම මධ්‍යස්ථාන වෙත එල්ල විය හැකි තර්ජන පිළිබඳව සැලකිල්ලට ගනිමින් බවයි .

පොලිස් වසම් කිහිපයක් තුළ පිහිටා ඇති මෙම චබාද් මධ්‍යස්ථානවලට, පවතින තර්ජනයන්ට සාපේක්ෂව, අදාළ පොලිස් ස්ථාන මගින් පැය 24 පුරාම ආවරණය වන පරිදි ආරක්ෂාව සපයා ඇති බව නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

තවද, දිවයිනේ රැඳී සිටින කවර හෝ විදේශීය ජාතිකයෙකුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසියම් තර්ජනයක් පවතී නම්, ඒ සම්බන්ධයෙන් තක්සේරු කොට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කරන බවද අවධාරණය කර ඇත. ගෝලීය වශයෙන් මතුව ඇති සංවේදී තත්ත්වයන් හමුවේ, මෙරට තුළ විදේශීය ප්‍රජාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය ගන්නා පියවරක් ලෙස මෙය දැක්විය හැකිය. කෙසේ නමුත්, මෙම විශේෂ ආරක්ෂක විධිවිධාන පිළිබඳව සමාජය තුළ විවිධ අර්ථකථන හා කතාබහක් ඇති වී තිබීම ද විශේෂත්වයකි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories