ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල ජාතිකයින්ට එල්ල වන ආරක්ෂක තර්ජන පිළිබඳ බුද්ධි අංශ වාර්තා සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
හේරත් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේ මේ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදීය.