ඊශ්‍රායලය ගාසා තීරයේ ජන සංහාරයක් සිදු කරන බවට එක්සත් ජාතීන්ගේ විශේෂ කමිටුවක් මගින් වාර්තාවක් යොමු කරමින් ප්‍රකාශ කර ඇත.
මෙම විශේෂ කමිටුව මලයාසියාව, සෙනගාලය සහ ශ්‍රී ලංකාවේ නියෝජිතයින්ගෙන් සැදුම් ලබන අතර, ඔවුන් සිය වාර්තා මගින් ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායලය යුද්ධයේ පලිහක් ලෙස සාගින්න යොදා ගන්නා බවයි.
එමෙන්ම, ඔවුන් හමාස් ඉලක්ක වෙත යැයි සදහන් කරමින් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරනු ලබන්නේ කිසිදු වග විභාගයකින් තොරව බවද එහි සදහන්.