2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 08:24
නවතම පුවත්

ඊශ්‍රායලය ආරුගම්බේට නිකුත් කළ අනතුරු ඇඟවීම ලිහිල් කරයි

ශ්‍රී ලංකාවේ ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස දන්වමින් ඊශ්‍රායලය විසින් සිය පුරවැසියන් ට නිකුත් කර තිබූ සංචාරක සීමාවන් ලිහිල් කිරීමට ඊශ්‍රායලය කටයුතු කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එරට ජාතික ආරක්ෂක කවුන්සිලය විසින් එම අනතුරු ඇඟවීමේ මට්ටම හතරේ සිට දෙක දක්වා අඩු කර ඇති බවය.

The Times of Israel පුවත්පත වාර්තා කළේ අමෙරිකානු ෆෙඩරල් අධිකරණයේ පසුගිය සතියේ ගොනුකර තිබූ පෙත්සමක සඳහන් ව ඇත්තේ ෆාර්හාඩ් ශකාරී නම් ඇෆ්ඝන් ජාතිකයෙක් ඉරාන බලධාරීන් විසින් එම ප්‍රහාරය මෙහෙයවීම සඳහා යොදවා තිබූ බවයි.

එම පුවත්පතට අනුව ඔහු පවසා ඇත්තේ ආරුගම්බේ ප්‍රදේශයේදී ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර තිබු බවයි.

ආරුගම්බේ ප්‍රදේශය ට නැවත දැනුම්දෙන තුරු යෑමෙන් වළකින ලෙස සිය ඊශ්‍රායලය විසින් එරට පුරවැසියන්ට පසුගිය ඔක්තෝබර් 23 වනදා අනතුරු ඇඟවීමක් නිකුත් කළේය.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පසුගිය 23 වනදා පැවසුවේ, ආරුගම්බේ සහ පොතුවිල් ප්‍රදේශවල ඊශ්‍රායල ජාතිකයින් සර්ෆින් ක්‍රීඩාව නිසා වැඩිපුර ගැවසෙන බවත් ඔවුන්ට යම් අනතුරක් සිදුවිය හැකි බවත් පසුගිය දිනවල තොරතුරු ලැබී තිබූ බවත් ය.

පසුගියදා රජය නිවේදනය කළේ එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් සිටින බවත් ය.
සැකකරුවන් අතර මාලදිවයින් ජාතිකයෙක් ද වෙයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories