ඊශ්‍රායලය ඊයේ දිනයේදී ද ගාසා තීරය ඉලක්ක කරගනිමින් දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ.
ගාසා නගරය ඉලක්ක කරගනිමින් ඊයේ එල්ල කළ ප්‍රහාරයන්ගෙන් අල් අහ්ලි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වෙයි.
ඊශ්‍රායලය ගාසා නගරයේ බලය අතපත් කර ගැනීමට කටයුතු කරමින් සිටින අතර ඒ හේතුවෙන් මිලියනයකට අධික පිරිසක් නගරයෙන් බලහත්කාරයෙන් ඉවත් කිරීමට ඊශ්‍රායලය කටයුතු කරන බවට මානව හිමිකම් සංවිධාන චෝදනා කරයි.
පසුගිය පැය 24 තුළදී සාගත තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය වැසියන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වන අතර, ආහාර අර්බුදය හේතුවෙන් මිය ගිය සමස්ත සංඛ්‍යාව 251 දක්වා ඉහළ ගොස් ඇති බවත්, ඒ අතරට කුඩා දරුවන් 108 දෙනෙකු ද ඇතුලත් බවත් විදෙස් මාධ්‍ය සදහන් කරයි.