ඊයේ (08) දින අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
ඒ ජනාධිපති සමාව ලැබෙන බව පවසා වෙනත් රැඳවියෙකු නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි . මේ සිදුවීම සම්බන්ධව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විශේෂ පරීක්‍ෂණයෙන් හෙළිවී තිබුණේ ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිතා කර පසුගිය වෙසක් දිනයේ යම් සිරකරුවන් පිරිසක් නිදහස් කර ඇති බවයි .
අදාළ කරුණු මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අත්අඩංගුවට ගත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා අද (09) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා 52 හැවිරිදි කළුතර පදිංචිකරුවෙක් බවයි .