පෝලන්තයේ ඊගා ශ්වියොන්ටෙක් මෙවර විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශූරතාව දිනා ගැනීමට සමත් වුණා.
ඇය අවසන් මහා තරගයේදී ඇමරිකාවේ ඇමැන්ඩා අනිසිමෝවා පරාජය කළේ වට 2-0 ක් ලෙසයි. ලන්ඩන්හිදී පැවති මෙම තරගයේ වට දෙකම ශ්වියොන්ටෙක් ලකුණු 6-0 ක් ලෙස පහසුවෙන් ජය ගත්තා.
ලෝක ශ්‍රේණිගත කිරීම්හි 4 වන ස්ථානයේ පසුවන ඊගා ශ්වියොන්ටෙක් දිනාගත් පළමු විම්බල්ඩන් ටෙනිස් ශූරතාව මෙය වීම විශේෂත්වයක්.