ඉහළ කොත්මලේ ජල පෝෂක ප්රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් අද (ජූලි 20) අලුයම සිට විවෘත කිරීමට පියවර ගෙන තිබේ. නුවරඑළිය දිස්ත්රික් ආපදා කළමනාකරණ ඒකකය මේ බව නිවේදනය කළේය.
ජල පෝෂක ප්රදේශවලට තවදුරටත් අධික වැසි පතිත වුවහොත් ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්රීයවම විවෘත වීමේ හැකියාවක් පවතින බව එම ඒකකය වැඩිදුරටත් පෙන්වා දෙයි. එබැවින්, ජලාශ වේල්ලට පහළින් පිහිටි කොත්මලා ඔය දෙපස පදිංචිකරුවන් දැඩි විමසිල්ලෙන් සිටින ලෙසට ආපදා කළමනාකරණ ඒකකය ඉල්ලා සිටී.
මේ අතර, ප්රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ සෙන් ක්ලෙයාර් (St. Clair) සහ ඩෙවොන් (Devon) දිය ඇලිවල ජල ධාරිතාවද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.