2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 13:04
නවතම පුවත්

ඉලංගෙයි තමිල් අරසුකච්චිහි කමිටුවක් හදිසියේ රැස්වෙයි.

ප්‍රධාන පක්ෂවල ජනාධිපතිධූර අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශවල අඩංගු කරුණු සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ ඉලංගෙයි තමිල් අරසු කච්චිහි කමිටුව හෙට (10) රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ, පක්ෂයේ ලේකම් පී. සත්‍යලිංගම් මහතාගේ කාර්යාලයේදීයි.

පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා, සී.වී.කේ සිවඥානම්, එස්. ශ්‍රීධරන්, එම්.ඒ සුමන්දිරන් සහ පී. සත්‍යලිංගම් යන මහත්වරුන් අදාළ කමිටුවට ඇතුළත්.

පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් අදාළ කමිටුව පත්කරනු ලැබුවේ, ප්‍රධාන පක්ෂවල ජනාධිපතිධූර අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදැක්වීමෙන් අනතුරුවයි.

හෙට දින රැස්වන අදාළ කමිටුවේ යෝජනා ලබන 14 වැනිදා රැස්වන පක්ෂ මධ්‍යම කාරක සභාවට දැනුම්දීමට නියමිතයි.

ඒ අනුව ඉලංගෙයි තමිල් අරසු කච්චි මේ වනවිට ගෙන ඇති තීරණය වෙනස්වීමට ඉඩ ඇති බවටයි, උතුරු- නැගෙනහිර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර ට්විටර් සටහනක් තබමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා ප්‍රකාශ කළේ, 2024 ජනාධිපතිවරණයේ දී සමගි ජන සන්ධානයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවයි.

සැප්තැම්බර් මස පළමුවැනිදා සඳහන් කළ පරිදි අදාළ තීරණය පක්ෂයේ සෑම සාමාජිකයෙකුගේම ස්ථාවරය බව ද මන්ත්‍රීවරයා කියා සිටියා.

ඒ සම්බන්ධයෙන් කිසිදු ව්‍යාකූලත්වයක් ඇති නොකරගන්නා ලෙසටයි එම්.ඒ. සුමන්දිරන් මහතා අවධාරණය කළේ.

මේ අතර දෙමළ ජාතිකවාදී ස්ථාවරය අනුව පොදු දෙමළ අපේක්ෂකයා වන පී. අරියනේන්ද්‍රන් මහතා හට සහාය පළ කළ යුතු බව ඉලංගෙයි තමිල් අරසු කච්චිහි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් කියා සිටියා.

ඒ අනුව තමන් ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් පොදු අපේක්ෂකයා හට සහය පළ කරන බවයි ඔහු අවධාරණය කළේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories