ඊශ්‍රායලයෙන් එල්ලවන ප්‍රහාර නවතන තෙක් ඉරානය න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ සාකච්ඡාවලට තමන් සහභාගි නොවන බව පවසා තිබේ.
ඉරානය සමග දිගු ගැටුමක් ඇති බවට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා අනතුරු ඇඟවීමෙන් පැය කිහිපයකට පසු ඉරානය මෙම ප්‍රකාශය සිදුකර ඇති බවයි,විදෙස් වාර්තා සඳහන් කළේ.
තම රට දීර්ඝ කාලීන ගැටුමකට සුදානම් විය යුතුව ඇති බවයි, ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්හි වත්මන් මාණ්ඩලික ප්‍රධානියා වන ඊයල් සමීර් පවසා ඇත්තේ.
ඒ හේතුවෙන් ඉදිරියේදී දුෂ්කර කාල පරිච්ජේදයක් වනු ඇති බවද හෙතෙම පවසා තිබේ.
මේ අතර මේ දිනවල යුරෝපයේ සංචාරයක නිතරව සිටින ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි, ජිනීවාහි දී යුරෝපීය රාජ්‍ය තාන්ත්‍රිකයින් හමුව තිබේ.
එහිදී ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමග රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා යළි ආරම්භ කරන ඔවුන් ලෙස ඉල්ලා තිබේ.
ඊශ්‍රායලයේ ප්‍රහාර නතර කළ පසු පමණක් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සලකා බැලීමට ඉරානය සූදානම් බවයි කෙසේවෙතත් ඉරාන විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ.
ඊශ්‍රායලයේ ප්‍රහාර ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර ඇති බවයි,ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සාමකාමී කටයුත්තක් වන බව අවධාරනය කරමින් ඔහු පවසා ඇත්තේ.