ඉරානය ඊයේ (01) රාත්‍රීයේ ඊශ්‍රායලය වෙත දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ඊශ්‍රායලයේ අයන් ඩෝම් මිසයිල ආරක්ෂණ පද්ධතිය සහ අමෙරිකානු ප්‍රති මිසයිල මෙහෙයුමක් මඟින් එලෙස එල්ල කෙරුණු මිසයිල රැසක් විනාශ කිරීමට ඊශ්‍රායලය සමත්ව තිබුණි.
ගාසා තීරය සහ ලෙබනනය වෙත අඛණ්ඩ ගුවන් සහ ගොඩබිම් ප්‍රහාර එල්ල කරමින් සිටින ඊශ්‍රායලය වෙත දැවැන්ත බැලැස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට ඉරානය ඊයේ(01) කටයුතු කළේ ය.