2025 අගෝස්තු 16 සෙනසුරාදා, 15:04
නවතම පුවත්

ඉම්රාන් ඛාන්ට නිදහස ඉල්ලා දහස් ගණනක් වීදි බසියි

පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස වත්මන් රජයට බලපෑම් කරමින් PTI පාක්ෂිකයින් දහස් ගණනක් බොහෝ ප්‍රදේශවල සිට එරට ඉස්ලාමාබාද් අගනුවර දක්වා විරෝධතා පෙළපාලි ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්ථාන පොලිසිය PTI පාක්ෂිකයින් 4,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5 දෙනෙකු ද සිටින බව එරට මාධ්‍ය වාර්තා කළේය.

අපරාධ චෝදනා 150කට වැඩි ප්‍රමාණයකට චෝදනා ගොනු කරමින් පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සිරගත කර මේ වනවිට වසරකට වැඩි කාලයක් ගතවි ඇත.

PTI පක්ෂය පවසන්නේ, දිනෙන් දින ඔහුගේ ජනප්‍රිය බව ඉහළ යාම සහ ඉම්රාන් ඛාන්ගේ දේශපාලන පක්ෂය ජනතාව අතර ප්‍රචලිත වීම නිසා, ඉම්රාන් ඛාන්ට විරුද්ධව අසත්‍ය කරුණු ගොඩනගමින් චෝදනා රැස්කර සිරගත කර සිටින බවයි.

එබැවින්, සිය නායකයා නිදහස් කරන ලෙසට වත්මන් අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ්ගේ රජයට බලපෑම් කිරීම සඳහා PTI පාක්ෂිකයින් පාකිස්ථානය පුරා දැවැන්ත විරෝධතා පා ගමනක් සංවිධානය කළ අතර, එහි ගමනාන්තය වූයේ පාකිස්ථානයේ අගනුවර වන ඉස්ලාමාබාද් නගරයයි.

විරෝධතා පා ගමන මැඩපැවැත්වීම සඳහා විශාල බහාලුම් යොදා ගනිමින් ඉස්ලාමාබාද් වෙත දිවෙන සියලු මාර්ග අවහිර කිරීමට පාකිස්ථාන රජය පියවර ගෙන තිබූ අතර ආරක්ෂක නිලධාරීන් 70,000කට වැඩි සංඛ්‍යාවක් යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරයි.

විරෝධතාකරුවන්ට අනතුරු අඟවමින් දුරකථන සබඳතා අත්හිටුවමින් සමාජ ජලා වෙත පිවිසීම ද වළක්වමින් ඉස්ලාමාබාද් අගනුවර ද ආරක්ෂක අගුළු දැමීමකට ලක් කෙරුණේ විරෝධතා මැඩලීමේ අරමුණින් බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

ඇතැම් ස්ථානවලදී PTI පාක්ෂිකයින්ගේ පා ගමන අවහිර කළ ආරක්ෂක අංශවලට ප්‍රහාර ද එල්ල විය.

නවතම පුවත්

1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...

උණුසුම් පුවත්

1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories