මාසික ඉන්ධන මිල සංශෝධනය අද (31) සිදුවීමට නියමිතව තිබෙනවා.
මාසික ඉන්ධන මිල සූත්‍රයට අනුව අවසන්වරට මිල සංශෝධනයක් සිදු වුයේ පසුගිය ජුනි 30 වැනිදායි.
අගෝස්තු මාසය සඳහා ඉන්ධන මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොවුනු අතර ජුලි මාසය සඳහා සංශෝධනය වූ මිල ගණන් අගෝස්තු මාසයේ නොවෙනස්ව පැවතුණා.
එහිදී ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු. 344ක් වූ අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රු. ලීටරයක් 379 ක් ද, සුපර් ඩීසල් රු. 355ක් හා භූමිතෙල් ලීටරයක මිල රු. ලීටරයකට 202ක් ලෙස ද මිල නියම වුණා.