2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 08:20
නවතම පුවත්

ඉන්දු-ලංකා ගිවිසුම් අධිකරණයේ විභාගයට

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් (MOUs) බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම, අගෝස්තු 04 වැනිදා සලකා බැලීම සඳහා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) නියෝග කර තිබේ. මෙය, දෙරට අතර සබඳතාවන්ට මෙන්ම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලනයටද බලපෑම් කළ හැකි තීරණාත්මක නඩු විභාගයක් ලෙස සැලකේ.

මෙම පෙත්සම අද දින එස්.තුරෙයි රාජා, මේනකා විජේසුන්දර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන්, පෙත්සම පිළිබඳව අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා සති දෙකක කාලයක් සහ විරෝධතා ගොනු කිරීමට අවසර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නීතිපතිවරයාගේ එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල, විරෝධතා ගොනු කිරීමට වගඋත්තරකරුවන්ට අවසර දුන් අතර, ප්‍රතිවිරෝධතා ඇත්නම් ඒවා ගොනු කිරීමට කටයුතු කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයාට නියම කළේය. අනතුරුව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරන, පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඬුල්ල, අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු මස 04 වැනිදා කැඳවන ලෙස නියම කර තිබේ.

මෙම පෙත්සමෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම්වල නීත්‍යානුකූලභාවය සහ වලංගුභාවය පිළිබඳවයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories