2026 මාර්තු 29 ඉරිදා, 14:07
නවතම පුවත්

ඉන්දු – ලංකා ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමේ රැස්වීමක්

ඉන්දු – ලංකා ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමේ රැස්වීමක් හෙට (29) දිනයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

හෙට පෙරවරුවේ කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙන බව ධීවර අමාත්‍යංශයේ ලේකම් එම්. පී. එම්. එම් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ඉන්දු – ලංකා ඒකබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමේ 06වන රැස්වීම මෙය වන අතර මේ සඳහා නිලධාරී මට්ටමේ සාමාජිකයින් 12 දෙනෙකු සහභාගී වීමට නියමිතය.

ජනාධිපති අනුර කුමාර දිසානායක එම ධුරයට පත්වීමෙන් අනතුරුව ඉන්දීය ධීවරයින් විසින් සිදුකරන ‘බොටම් ට්‍රෝලින්’ ක්‍රමය මඟින් මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා ලෙස ධීවර අමාත්‍යංශයට උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව ඉන්දීය තානාපති කාර්යාලය හරහා මේ සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් දැනුවත් කිරීමට ධීවර අමාත්‍යංශය පියවර ගෙන ඇති බව සඳහන්ය.

එහිදී අදාළ සාකච්ඡාව හෙට දිනයේ දී පැවැත්වෙන අතර ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 400ත් 500ත් අතර ප්‍රමාණයක් සතියකට දින 03ක කාලයක් මෙරට තුළ බොටම් ට්‍රෝලින් ක්‍රමය මඟින් මසුන් ඇල්ලීම පිළිබදව සාකච්ඡා කිරීමට නියමිතය.

මෙම ක්‍රමය හරහා මසුන් ඇල්ලීම හේතුවෙන් දිගු කාලීන බලපෑම් හා ගැඹුරු මුහුදේ සාගර සමතුලිතතාවය බිදී යාම සිදුව තිබේ.

මෙම තත්ත්වය මත මෙම ක්‍රමය හරහා මසුන් ඇල්ලීම් සිදුකරන ඉන්දීය ධීවරයින්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ඉන්දීය බලධාරීන් හමුවේ කරුණු පැහැදිලි කිරීමට නියමිත බව ධීවර අමාත්‍යංශයේ ලේකම්වරයා පැවසුවේය.

2016 වසරේ සිට මේ දක්වා ඉන්දු ලංකා ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම් වට 05ක් පවත්වා ඇත. 

2022 වසරේ මාර්තු මස 22 වනදා අවසන් වරට රැස්වීමක් පවත්වා ඇති අතර ඒ සදහා ශ්‍රී ලංකාව විසින් සත්කාරකත්වය ලබා දී ඇති බව ධීවර අමාත්‍යංශය පැවසුවේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories