ඉදිරි පැය 48ක් දක්වා වූ කාලය තුළ ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව සඳහන් කළේ ය.
ඒ අනුව, දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා- ඇල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් අත්තනගලු ඔය ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.
එමෙන් ම, උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇතිවීමේ හැකියාවක් පවතියි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ, මෙම ප්‍රදේශවල ජිවත්වන ජනතාවට මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් යුතුව කටයුතු කරන ලෙස ය