තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා.
අද (20) පෙ.ව. 07.00 ට නිකුත් කරන ලද එම නිවේදනය ඉදිරි පැය 24ක් දක්වා වලංගු වන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
මධ්‍යම-නැගෙනහිර බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර සහ නාවික යාත්‍රා සඳහා මේ පිළිබඳව සැලකිලිමත් වන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මධ්‍යම-නැගෙනහිර සහ උතුරු අන්දමන් මුහුද ආශ්‍රිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වායුගෝලයේ අඩු පීඩන තත්ත්වයක් හෙට (21) දිනයේදී වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.