2025 මැයි 03 සෙනසුරාදා, 23:02
නවතම පුවත්

ඉදිරියේදී වර්ෂාපතනයේ ප්‍රමාණාත්මක අඩු වීමක්

ඉදිරි දින කිහිපයේදී ප්‍රමාණාත්මක වැසි තත්ත්වයේ අඩුවීමක් දක්නට ලැබිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි කාර්යයේ නියුතු කාලගුණවිද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පැවසුවේ අද (14) දිනයේ සහ හෙට (15) දිනය වන විට මි.මී 100 ඉක්මවූ වැසි බලාපොරොත්තු විය හැකි බවය.

එමෙන්ම පසුගිය 11 සහ 10 වෙනිදා මි.මී 200 ඉක්මවූ වැසි ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වූ බවද ඔහු පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති පවතින ආපදා තත්ත්වය සහ ආපදා සහන වැඩපිළිවෙල පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු එහිදී පැවසුවේ එලැඹෙන 16 සහ 17 දිනයන් හී වර්ෂාපතනයේ සැලකිය යුතු මට්ටමේ  අඩු වීමක් බලාපොරොත්තු විය හැකි නමුත් එලැඹෙන සතිය වන විට අන්තර් මෝසමේ සාමාන්‍ය ලක්ෂණය වන සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි තත්ත්ත්වයක් නිර්මාණය විය හැකි බවය.

මේ අතර මෙම මාධ්‍ය හමුවට එක්වූ ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආපදා කළමනාකරණ) කේ. පී. ධර්මතිලක මහතා  වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ, ජනාධිපතිවරයා විසින් අද දිනයේ තවත් රුපියල් මිලියන 50ක් ආපදාවට ලක්වූවන් වෙනුවෙන් ලබාදුන් බවය.

“මෙම ආපදාව නිසා මරණ තුනක් වාර්තා වෙනවා. තුවාල සිදුවීම් දෙකක් වාර්තා වෙලා තියෙනවා. පූර්ණ නිවාස හානි එකක්. අර්ධ නිවාස හානි 405ක් වාර්තා වෙනවා. වැඩිපුරම බලපෑම් කරන්නේ, කොළඹ, කළුතර,ගම්පහ සහ පුත්තලමට තමා වැඩි පීඩායක් වෙලා තියෙන්නේ. සුරක්ෂා නිවාසවල අපි රැකවරණය දෙන 10,369ක් වූ සාමාජිකයින්ට අවශ්‍ය පිසූ ආහාර, වෛද්‍ය පහසුකම් හා කුඩා දරුවන්ට කිරි, වැඩිහිටියන්ට තේ ලබාදෙනවා. ඔවුන්ව සුරක්ෂිතව තබා ගැනීමට රජය විශේෂ කැපකිරීමක් කරනවා. විශේෂයෙන්ම ජනාධිපති තුමා අද දිනයේ තවත් මිලියන 50ක් වෙන් කළා මේ වැඩකටයුතු සඳහා. මේ වනවිට අපි ප්‍රධාන පීඩාවට පත්වූ දිස්ත්‍රික්ක 4 තුළ අපි මිලියන 33ක් දිසාපතිවරුන්ට ලබාදී තිබෙනවා.”

මෙම වසරේදී ගංවතුර තත්ත්වය අවස්ථා දෙකකදී ඇති වූ බවත් ඒ අනුව නිරන්තරයෙන් ඇතිවන ගංවතුර පාලනය සඳහා නිශ්චිත හා තිරසර වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා එම අදහස් පළ කළේ , ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන්  සමඟ ජනාධිපති කාර්යාලයේදී අද (14) පැවති සාකච්ඡාවේදීය.

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් කොළඹ, ගම්පහ, පුත්තලම හා කළුතර  ජනතාවට කඩිනමින් සහන සැපයීම ප්‍රමුඛ කාර්යය කර ගන්නා ලෙසත්, ඉන් පසුව දේපළ හානි පූර්ණය සඳහා කටයුතු කරන ලෙසත්, ජනාධිපතිවරයා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන ලබා දීම සඳහා මේ වනවිටත් අතිරේකව වෙන් කරන ලද රුපියල් මිලියන 50ට අමතරව තවත් මුදල් අවශ්‍ය නම් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කරන ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට දන්වා තිබේ.

මෙම වසරේදී මීට පෙර ඇති වූ ගංවතුර තත්ත්වයේදී දේපළ හානි පූර්ණ නොවූ ජනතාවගේ ගැටලු පිළිබඳවද සොයාබලා ඊට අදාළ වන්දි ලබාදීම් සිදුකරන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

නවතම පුවත්

Web 24
ලොකු පැටී හෙට බෙලරුස් සිට මෙරටට
ලොකු පැටී හෙට බෙලරුස්...
Web 23
ජ'පුර සරසවි සිසුවෙකුට පහර දුන් 06කට පන්ති තහනමක්
ජ'පුර සරසවි සිසුවෙකුට...
Web 22 (1)
සබරෙ සිසුවාගේ මරණය ගැන සිසුන් 20කගෙන් ප්‍රකාශ ගනී
සබරෙ සිසුවාගේ මරණය...
Web 21 (1)
බියර් හදන්න බදු රහිතව සහල් ආනයනය කරනවා - දයාසිරි -
බියර් හදන්න බදු...

උණුසුම් පුවත්

Web 24
ලොකු පැටී හෙට බෙලරුස් සිට මෙරටට
ලොකු පැටී හෙට බෙලරුස්...
Web 23
ජ'පුර සරසවි සිසුවෙකුට පහර දුන් 06කට පන්ති තහනමක්
ජ'පුර සරසවි සිසුවෙකුට...
Web 22 (1)
සබරෙ සිසුවාගේ මරණය ගැන සිසුන් 20කගෙන් ප්‍රකාශ ගනී
සබරෙ සිසුවාගේ මරණය...
Web 21 (1)
බියර් හදන්න බදු රහිතව සහල් ආනයනය කරනවා - දයාසිරි -
බියර් හදන්න බදු...

දේශපාලන

Web image new template new (1)-Recovered
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළඟ වාරිකය අවිනිශ්චිතයි - පාඨලී අනතුරු අඟවයි
එක්සත් ජනරජ පෙරමුණේ...
Web 11 (3)
සමගි ජන බලවේගයේ මැයි රැළිය ඛේදවාචකයක් - අගමැතිනි -
සමගි ජන බලවේගයේ...
Web 09
රජයට විරුද්ධ සියලු දෙනා පාතාලය මගින් ඝාතනය කරනවා - සාගර
රජයට විරුද්ධ සියලු...
Web 08 (2)
ජූනි සිට විදුලි ගාස්තු වැඩි කිරීමක් - ජනපති
ජූනි සිට විදුලි...

Categories