මේ වන විට ලුණු හිඟය අවසන් කර ඇති බවත් මේ වන විටත් ලුණු ටොන් 158,000 ආනයනය කිරීමට කටයුතු කර ඇති බවත්, එම ආනයනිත රු. 150කට ලබා දෙන බවත් අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
කෙසේවෙතත් දැනට මේස ලුණු කිලෝවක් අලෙවි වන මිල රු. 250ක් බවත් ඔහු පැවසීය.
රටේ වාර්ෂික ලුණු අවශ්‍යතාව ටොන් ලක්ෂ දෙකක් වන අතර රටේ සියලු ලුණු ලේවායන්වලින් ටොන් 180,000 නිෂ්පාදනය කරන බවත් ඉදිරියේ දී කිසිදු ලුණු හිඟයක් ඇති නොවීමට කටයුතු කරන බවත් ඔහු අවධාරණය කරයි.