2024 උසස්පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ, අනිද්දා (19) සිට මාර්තු මස 29 වනදා දක්වා දිවයින පුරා ප්‍රායෝගික පරීක්ෂණ මධ්‍යස්ථාන 41කදී එම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බවයි.
විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ අපේක්ෂකයාගේ ප්‍රවේශ පත්‍රයේ පරීක්ෂණය සඳහා පෙනී සිටිය යුතු දිනය හා ස්ථානය සඳහන්ව ඇති බවය.
අපේක්ෂයින් ප්‍රවේශ පත්‍රයේ සඳහන් කර ඇති දිනයේ නියමිත වේලාවට පැය භාගයකට පෙර එහි පැමිණිය යුතු බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.
ඊට අදාළ වැඩිදුර තොරතුරු පහතින්.
