දංකොටුව පොලිස් වසමේ වෑකඩ ප්‍රදේශයේ සිංගක්කුලිය වැවෙන් වතුර බැස යන ඇළ මාර්ගයකට වැටී කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, ඇළට වැටී ඇති දැරියව දංකොටුව රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි.
එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 4ක් වූ සිඟිත්තියක්.