ඇසළ පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් 8,355ක් පමණ ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය (PHI) පවසයි.
ලියාපදිංචි කරන ලද මෙම දන්සල් සෞඛ්‍යාරක්ෂිතව පවත්වන ලෙසට අදාළ සංවිධායකයින් වෙත උපදෙස් ලබා දී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේය. පොදු ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.
අද (ජූලි 10) දිනය පුරාම දන්සල් පරීක්ෂාවන් සිදු කෙරෙන අතර, මේ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2,000කට ආසන්න සංඛ්‍යාවක් සේවයේ යොදවා ඇත. මෙම පරීක්ෂාවන් මගින් දන්සල්වල ආහාර සහ පාන වර්ගවල ගුණාත්මකභාවය මෙන්ම සනීපාරක්ෂක තත්ත්වය පිළිබඳව සොයා බැලෙනු ඇත.