අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා රුසියන් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර සිදුවූ සාකච්ජා එකඟතාවයකින් තොරව අවසන් වී ඇත.
ඊයේ (15) ඇලෙස්කාවේදී හමුවූ ජනාධිපතිවරුන් දෙදෙනා අතර සුහඳ සාකච්ජාවක් පැවැත්වුණු බවත් යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සම්බන්ධව එකඟතාවක් සිදු නොවූවද සාකච්ජා සාර්ථක බව ට්‍රම්ප් පාර්ශවය පවසයි.
එසේම රුසියන් ජනාධිපති තමන් මෙවැනි සාකච්ජාවලට කැමැත්තක් දක්වන බවත් ඉදිරියේදී අමරිකා ජනාධිපතිට මොස්කව් වෙත ආරාධනා කරන බවත් පවසා ඇත.