පසුගියදා (15) අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර සිදුවූ සාකච්ජාව ලෝකයේ අවදානයට ලක් විය. එය අමරිකාවේ ඇලෙස්කා ප්‍රාන්තයේදී සිදු විය.
මේවන විට ලෝකයේ කතාබහට ලක්ව ඇත්තේ එම හමුවට පැමිණියේ සැබෑ රුසියානු ජනාධිපතිවරයාමද නොඑසේනම් ඔහුගේ ප්රතිරූපකයක්ද ( බොඩි ඩබල්) යන්න පිළිබඳවයි.
ඇලෙස්කා හමුවේදී පුටින්ගේ හැසිරීම මෙම සැකයට ප්‍රධානම හේතුව වී ඇති අතර එය තහවුරු කෙරෙන සාක්ෂිත් මේ වන විට ලැබෙමින් ඇත.
එහිදී පුටින්ගේම තවත් ප්‍රතිරූපකයක් සිටින බවට මෑත කාලයේ රුසියානු මාධ්‍ය වාර්තා කළ ප්‍රවෘත්තියක් හේතුවී ඇත.
එනම් ජනාධිපතිවරයා එකම අවස්තාවකදී ස්ථාන දෙකක පෙනී සිටීමක් වර්තා වී තිබීමයි. එසේ එකම පුද්ගලයෙක් එකම වේලාවකදී ස්ථාන දෙකක පෙනී සිටීම කිසිසේත් සිදුවිය නොහැක්කක් බැවින් දේශපාලන ලෝකය වාර්තා කරන්නේ ව්ලැඩිමීර් පුටින්ට සමාන තවත් පුද්ගලයෙක් ඔහු වෙනුවෙන් පෙනී සිටින බවයි.
මෙය පුටින්ගේ ආරක්ෂාව වෙනුවෙන් සිදු කළ ක්‍රියාවක් විය හැක.
මෙය ලෝක දේශපාලනයේ පමණක් නොව ප්‍රසිද්ධ පුද්ගලයන් අතර මීට පෙරත් පැවති සාමාන්‍ය තත්වයකි.
මෙසේ පුටින්ගේ ද්විත්ව ස්වරූපයන්හි පවතින වෙනස්කම් ලෙස නිකටේ හැඩය,කන් පෙතිවල පිහිටීම , උස ආදී බාහිර ලක්ෂණ කිහිපයක් හුවා දැක්වෙයි.
එහිදී එක් පුද්ගලයෙක් උසැති පාවහන් පළඳින බවයි වාර්තා වෙන්නේ.
කෙසේ වුවත් මෙය තවමත් සැකයක් පමණක් බවත් එවැනි තවත් ප්‍රතිරූපකයෙක් නොසිටිය හැකි බවත් කිව යුතුයි.
මේ අතර ට්‍රම්ප් හමුවූ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසා ඇත්තේ පුටින් සමඟ සාකච්ජාවකට තමන් සූදානම් බවයි.