2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 12:36
නවතම පුවත්

ඇල්ල කඳුවැටිය තවමත් ඇවිළෙයි

ඇල්ල සංචාරක නගරය ආසන්නයේ ඇති ඇල්ල කඳුවැටිය ප්‍රදේශයේ හටගත් ගින්න අද (14) පෙරවරුව වනවිට අක්කර 20ක් පුරා පැතිරගොස් ඇති අතර මේ වනවිටත් ගින්නෙන් රක්ෂිතයේ අක්කර 10ක පමණ ප්‍රදේශයක් පිළිස්සී ගොස් ඇත.

මෙම ගින්න ඊයේ (13) සවස 4ට පමණ ඇල්ල පොලිස් වසමේ රාවණා ඇල්ල රක්ෂිතයේ හටගත්තේය.

කෙසේ නමුත් මෙම ගින්න කිසිවෙකු විසින් සිදුකරන ලද්දක් බවට මේ වනවිට තොරතුරු වාර්තා වී ඇතිබව ආපදා කළමානාකර මධ්‍යස්ථානය පැවසූ අතරම පසුගිය වසරේදී ද පාසල් ළමුන් 15ක පමණ පිරිසක් මෙම රාවණා ඇල්ල රක්ෂිතය කොටසේදීම ගිනිතැබීමක් සිදුකර තිබේ. පසුව අධිකරණය විසින් එම සිසුන්ට එම ප්‍රදේශයේ පැළ සිටුවන ලෙස නියෝග කර ඇත.

ඊයේ රාවණා ඇල්ල රක්ෂිතයෙන් හටගත් ගින්න, ඇල්ල කදුවැටිය පුරාවටම පැතිරයාමේ අවදානමක් පවතින බව වාර්තා වේ. ඒ හේතුවෙන් ගින්න පාලනකිරීම සඳහා බණ්ඩාරවෙල වනසංරක්ෂණ නිලධාරින්, ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා දියතලාව ගුවන් හමුදා හා යුද හමුදා නිලධාරින් ඊයේ සිට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටී.

පවතින වියලි කාලගුණය, සුළං තත්ත්වය මෙන්ම අධික බෑවුම හේතුවෙන් ගින්න පාලනය කිරීම දැඩිලසෙ අපහසු වී ඇත.

මෙය වනජීවි කලාපයට ඉහළින් ඇති වනසංරක්ෂණ කලාපයට ගින්න ඇතුළු වීම වැළැක්වීමට වනවගා මායිමේ ගිනිපටි ඊයේ කපනු ලැබීය.

එමෙන්ම ගින්න ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට ළඟාවීම පාලනය කිරීමට බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනිනිවන රථවල සහය ලබාගැනීමට කටයුතු යොදා තිබේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories