ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කන්දකුඹුර ප්‍රදේශයේ කැලෑව ආශ්‍රිතව හටගත් ගින්නක් හේතුවෙන් සංචාරක නිකේතනයක් මුළුමනින්ම විනාශ වී ඇති බව ඇල්ල පොලීසිය පවසයි.
වියළි කාලගුණික තත්ත්වය සහ තද සුළං හේතුවෙන් වේගයෙන් පැතිර ගිය ගිනිදැල්වලට මෙම සංචාරක නිකේතනය ගොදුරු වී තිබේ. කෙසේ වෙතත්, මෙම ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බව පොලීසිය තහවුරු කළේය.
ගින්න මැඩපැවැත්වීම සඳහා බණ්ඩාරවෙල ගිනි නිවීමේ ඒකකය, පොලීසිය සහ වන රක්ෂණ නිලධාරීන් කටයුතු කරමින් සිටිති. මේ අතර, දියතලාව යුද හමුදා භට පිරිසක් ද මේ වන විට මෙම ස්ථානයට කැඳවා ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.