2026 මාර්තු 20 සිකුරාදා, 23:47
නවතම පුවත්

ඇමෙරිකාවෙන් යුක්තියට පිටුපායි – යුද අපරාධ විනිසුරුවරියන්ට සම්බාධක!

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විනිසුරුවරියන් සිව් දෙනෙකුට එරෙහිව සම්බාධක පැනවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය කටයුතු කර තිබේ. ඇමෙරිකානු පුරවැසියන්ට සහ ඊශ්‍රායලයට එරෙහිව “පදනම් විරහිත නඩු” පැවරීම සඳහා ඔවුන් සම්බන්ධ වී ඇති බවට ඇමෙරිකාව චෝදනා කරනවා. රජයක් විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විනිසුරුවරුන්ට එරෙහිව මෙවැනි පියවරක් ගෙන ඇති පළමු අවස්ථාව මෙය වීමෙන්, අමෙරිකාව ජාත්‍යන්තර යුක්තියට සෘජුවම අභියෝග කර ඇති බව පැහැදිලිය

මෙලෙස සම්බාධක පනවා ඇත්තේ, උගන්ඩා, පේරු, බෙනින් සහ ස්ලෝවේනියානු ජාතික විනිසුරුවරියන් සිව් දෙනෙකුටයි. ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ මහතා ප්‍රකාශ කළේ, ජාත්‍යන්තර අපරාධ අධිකරණය දේශපාලනීකරණයට ලක්වී ඇති බවත්, එය ඇමෙරිකානු පුරවැසියන්ට හා ඔවුන්ගේ හිතවත් පාර්ශ්වයන්ට (ඊශ්‍රායලයට) පදනම් විරහිතව නඩු පවරා ඇති බවත්ය. මේ හේතුවෙන් අදාළ සම්බාධක පැනවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් රජය කටයුතු කළ බව ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත්, ඇමෙරිකානු සෙබළුන් ඇෆ්ගනිස්ථානය තුළ සහ ඊශ්‍රායලය ගාසා තීරය තුළ සිදුකළා යැයි කියන යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩු කටයුතු ගණනාවක් ක්‍රියාත්මක වේ. පසුගිය වසරේදී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් වරෙන්තුවක් ද නිකුත් කර තිබුණා. මේ සියල්ලෙන් පෙනී යන්නේ, ට්‍රම්ප් පරිපාලනය මෙම අධිකරණ ක්‍රියාමාර්ග වලට එරෙහිව සිය බලය යොදවා බලපෑම් කිරීමට උත්සාහ කරන බවයි.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඇමෙරිකානු රජය විසින් ගෙන ඇති මෙම පියවර පිළිගන්නේ නැති අතර එය අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වූ පහරක් බව ඔවුන් අවධාරණය කරයි. ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළද මෙම නඩු කටයුතුවලට සම්බන්ධ වූ අධිකරණයේ වෙනත් ඉහළ නිලධාරීන්ට සම්බාධක පනවා තිබුණි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ට්‍රම්ප් පරිපාලනය ගෙන ඇති මෙම දැඩි තීරණ හේතුවෙන් ඇමෙරිකානු රජය සහ අධිකරණය අතර පවතින මත ගැටුම් තවදුරටත් උග්‍ර වනු ඇති බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories