ඇමෙරිකාවේ ගිනිකොණදිග කලාපය ඔස්සේ හමාගිය ප්‍රබල ටොනේඩෝ තත්ත්වයකින් පුද්ගලයින් 34 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර මෙහි වැඩිම බලපෑම මිසූරි ප්‍රාන්තයට එල්ල වී තිබෙන අතර, එහි පමණක් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇත.
මේ අතර මෙම ටොනේඩෝවෙන් කැන්සාස්, මිචිගන්, ඉලිනොයිස් ඇතුළු ප්‍රාන්ත රැසකටද හානි සිදුව ඇති අතර කැන්සාස් හි ඇතිවූ දුහුවිලි කුණාටුවක් හේතුවෙන් රථවාහන 55ක් පමණ එකිනෙක ගැටී ඇති අතර, එම අනතුරෙන් පුද්ගලයින් 8 දෙනෙකුට දිවි අහිමි වී ඇත.
මිසූරි ඇතුළු ප්‍රාන්ත 5ක නිවාස සහ ගොඩනැගිලි 170,000ක විදුලි බිඳවැටී තිබේ.